අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතේ 12(ඈ) වගන්තිය යටතේ සැකසහිත මිනීවලක කැණීම් සහ මෘත දේහ ගොඩගැනීමේ කටයුත්තක් සිදු කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයකට අයදුම් කිරීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට බලය ඇත. එමෙන්ම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට සැකසහිත මිනී වලක සිදුකෙරෙමින් පවතින කැණීමක නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමටත් අයදුම් කළ හැකිය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතේ 13(1)(ඔ)(iii) සහ (vi) අනුව මිනිස් භෂ්මාවශේෂ හැසිරවීම සම්බන්ධව බලධාරීන්ට නිර්දේශ ලබා දීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට බලය ඇත.
12 (ඈ) වගන්තිය යටතේ ඇති බලය මත රඳා පවතිමින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මිනිස් භෂ්මාවශේෂ සම්බන්ධව නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට විමසීම් හයකදී ඉල්ලා සිටි අතර ඒවා අදාළ මහේස්ත්‍රාත් අධිකරණ විසින් පිළිගනු ලැබිණි. නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිර්දේශයන් මෙන්ම විමර්ශන සඳහා මූල්‍ය සහ තාක්ෂණික සහය ද ලබා දෙන ලදී. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, අදාළ බිම්වලින් ගොඩගන්නා ලද නඩුභාණ්ඩ වල ස්වාමිත්වය ආරක්ෂා කිරීමට; භෂ්මාවශේෂ විශ්ලේෂණය සඳහා බහුවිධ එළඹුමක් පවත්වා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර භෂ්මාවශේෂ හඳුනාගැනිමේ වැදගත්කම ද අවධාරණය කර ඇත.
එවැනි ක්‍රියාමාර්ගයන් තුළ දී අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද පුද්ගලයන්ගේ පවුල්වල අයිතින් ආරක්ෂා කිරීමට ද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මැදිහත් වී ඇත.