අතුරු සහන යනු අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන්ගේ පවුල්වලට වන්දි ලබා දෙන තෙක් ආධාර සැපයීමේ තාවකාලික පියවරකි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ 2018 අගෝස්තු මස අතුරු වාර්තාව මගින් සිදු කළ නිර්දේශ මත පදනම්ව රජය විසින් 2019 වසරේ අයවැය මගින් අතුරුදහන් වූ හෝ සොයාගත නොහැකි පුද්ගලයන්ගේ පවුල්වලට මසකට රු.6000 ක අතුරු සහනයක් ලබා දීම පිණිස රු. මිලියන 500 ක් වෙන් කරන ලදී. වසර නවයකට වැඩි කාලයක් යම් පුද්ගලයෙක් සොයාගත නොහැකි බව හෝ අතුරුදහන් වූ බව ප්‍රකාශ කෙරෙන දක්නට නොමැති බවට වූ සහතිකය (CoA) හෝ මරණ සහතිකය (CoD) සහිත පවුල් සාමාජිකයින් අතුරු සහන සඳහා හිමිකම් ලබයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2019 නොවැම්බර් 11 වන විට දළ වශයෙන් රු.මිලියන 7 ක අගයකින් යුතු අතුරු සහන ප්‍රමාණයක් පවුල් 153කට ලබා දුන් බව එවකට ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශය දැනුම් දුන්නේ ය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අතුරු සහන ගෙවීම අඛණ්ඩව සිදු කිරීම සඳහා මැදිහත් වෙමින් සිටී.